brand logo
logo
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

09 September 2026

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.


ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත.


මෙම සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතය.


පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමද විශේෂත්වයකි.

 

More News..