දකුණු කොරියාවේ රිය අනතුරින් මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හඳුනා ගැනේ
28 November 2026
දකුණු කොරියාවේ රිය අනතුරින් මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හඳුනා ගැනේ
28 November 2026
දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන්ගේ දේහයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.
අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩකවෙල, රන්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි දෙහිපිටිය විදානලාගේ අනිල් කුමාර විජේරත්න සහ වළපනේ, හල්ග්‍රාන්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි මහේෂ්වරන් ප්‍රශාන්තන් යන දෙදෙනාය.
පසුගිය 26 වැනිදා රාත්‍රියේ Jangan-myeon ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇති අතර, අනතුර සහ මරණ සම්බන්ධයෙන් 'Hwaseong Seobu' පොලිස් ස්ථානය විසින් ඊයේ (27) නිල වශයෙන් මෙරට තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත.


