roadBlockMobile
brand logo
logo
පොහොට්ටුවේ ක්‍රියාකාරීන් පවිත්‍රාගෙන් ඉල්ලූ දේ

පොහොට්ටුවේ ක්‍රියාකාරීන් පවිත්‍රාගෙන් ඉල්ලූ දේ

01 August 2024 | සුනිල් පියතිලක - කුරුවිට

පක්ෂය නොකඩා ජනාධිපතිවරයා සමග එකතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගෙන් අද (01 වැනිදා) ඉල්ලා සිටියහ.


ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සහයෝගය ලබාදීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් ඇමැතිවරිය පැල්මඩුල්ලේ පිහිටි සිය නිවසට දේශපාලන ක්‍රියාකාරීන් කැඳවා තිබිණි.


මෙහිදී පවතින තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ ඇමැතිවරිය රහස් ඡන්දයක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර නොමැත.


ප්‍රතිඵල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දෙන බවද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

 

More News..