brand logo
පෑලියගොඩ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

2 days ago

Share on

පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය පවසයි


ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මෝටර් රථයෙන් පලා යද්දී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් වැඩ තහනම් කර ඇත.



එම පුද්ගලයා මෝටර් රථයෙන් පලා යන අවස්ථාවේදී පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයෙන් බිමට වැටී තිබූ ජංගම දුරකථනයක් එදින රාත්‍රී ජංගම සංචාරයේදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ට ප්‍රදේශවාසීන් විසින් ලබාදී තිබියදී එම ජංගම දුරකථනය පෑලියගොඩ පොලිසිය ස්ථානයට ඉදිරිපත් නොකර සන්තකයේ තබාගැනීම තබා ගැනීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා ගේ වැඩ තහනම සිදු කර ඇත.


You may also like