brand logo
logo
කොත්තමල්ලි ගණන් උස්සයි

කොත්තමල්ලි ගණන් උස්සයි

09 September 2026 | ශිරාන් රණසිංහ

වසර දෙකකට පෙර රුපියල් 70 ත් 80 ත් අතර මිලකට අලෙවි වූ කොත්තමල්ලි ග්‍රෑම් 100 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 125 ක් දක්වා ඉහළ ​ගොස් ඇති බව වෙළෙඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.


සිල්ලර වෙළෙඳපලේ කොත්තමල්ලි ග්‍රෑම් 100 ක් රුපියල් 125 ක් වුවද එහි තොග මිල කිලෝවක් රුපියල් 450 ක් හෝ ඒ ආසන්න මිලක් බව තොග වෙළෙන්දෝ පවසති. රුසියාව, යුක්රේනය, මොරොක්කෝව ආදී රටවල්වලින් මෙරටට කොත්තමල්ලි ආනයනය කරන අතර යුදමය තත්ත්වය හා ආනයනික වියදම් ඉහළයාම හේතුවෙන් කොත්තමල්ලි මිලෙහි යම් ඉහළ යාමක් සිදුව ඇතැයි පිටකොටුව තොග වෙළෙඳුන්ගේ සංගමය ද සඳහන් කළේය.

 

More News..