ටිබෙට් භූකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට චීන හමුදාවත් එයි
23 October 2026
ටිබෙට් භූකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට චීන හමුදාවත් එයි
23 October 2026
චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්රදේශයේ ඊයේ (22) සිදුවූ භූකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ බටහිර විධානය වහාම ක්රියාත්මක කර තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් චීන ජනපති ෂී ජින් පිං, අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, ආපදාවට ලක්වූවන් නිසි ලෙස නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ දේපොළවල ආරක්ෂාව තහවුරු කිරීමට නිසි පියවර ගන්නා ලෙසය.
එමෙන්ම තත්ත්වය නිරීක්ෂණය සඳහා ගුවන් යානා යොමු කරමින්, බලපෑමට ලක්වූ ප්රදේශ ආසන්නයේ ස්ථානගතව සිටි හමුදා ඒකක වෙත අදාළ ප්රදේශ වෙත ගොස් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙසද උපදෙස් දී ඇත.
ඒ අනුව ආපදාවට ලක් වූ ප්රදේශය වෙත මේ වනවිටත් අවශ්ය සහන කටයුතු ලබා දෙමින් සියලු සහන කණ්ඩායම් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටින බව දැනුම් දී තිබේ.

