අවුරුදු 21ත් 42ත් අතර රැඳවූවන්ට සරම්ප එන්නත
23 November 2026 | ශිරාන් රණසිංහ
අවුරුදු 21ත් 42ත් අතර රැඳවූවන්ට සරම්ප එන්නත
23 November 2026 | ශිරාන් රණසිංහ
මෙරට පිහිටි සියලුම බන්ධනාගාරවල වයස අවුරුදු 21ත් 42ත් අතර රැඳවූවන්ට සරම්ප එන්නත ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ වන විටත් වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල රැඳවූවන් 1500කට පමණ සරම්ප එන්තත ලබාදී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් එස්.කේ. පල්ලේතැන්න ‘අරුණ’ට පැවැසීය.
පසුගිය දිනවලදී වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවලින් සරම්ප වැලඳුන බවට සැලකෙන රැඳවූවන් කිහිපදෙනෙක් හමුවීමත් සමග මෙම රෝගය පැතිරයාම වළක්වාලීම සඳහා එන්ත්කරණය ආරම්භ කළේය.
පිරිමි රැඳවූවන් අටදෙනෙක්ට සරම්ප වැළඳී තිබූ බවත් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් හත්දෙනෙක්ට සරම්ප වැළඳීමත් සමග රැඳවූවන් විවෘත අධිකරණය වෙත ගෙන යාම නතර කිරීම ඇතුළු අනෙකුත් ආරක්ෂක පියවර ගෙන ඇතැයි ද පල්ලේතැන්න කියා සිටියේය.
සරම්ප රෝගය 2017 වසරේදී මෙරටින් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළත් කොරෝනා වසංගතය පැවැති කාලයේදී සරම්ප එන්නත්කරණය අඩාළවීමත් සමග යළි එම රෝගය හිස එස වූ බව වසංගත රෝග විද්‍යා ආයතනය කියයි.
විදෙස් රැඳවියෙක්ගේ මාර්ගයෙන් බන්ධනාගාරවලට සරම්ප පැතිර ගියේද යන්න සැකයක් මතුව ඇත.


