Konka V-Max TV නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
14 August 2025
Konka V-Max TV නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
14 August 2025
ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික සන්නාමයක් ලෙස වසර 45 ක් සමරන ලොව සුපුඝට Konka asr විදුලි උපසරණ මෙරට ගෘහවිදුලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය පෙරළියකට සැරසෙමින්, දැන් FLiCo ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට එහි නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ වන Konka V-Max රූපවාහිනී පෙළ හඳුන්වා දෙයි.
මෙම නිෂ්පාදන පෙළට ස්මාර්ට් රූපවාහිනී සහ ස්මාර්ට් නොවන රූප වාහිනී මාදිලි පෙළස්ම ඇතුළත් වන අතර, ලොව සුපතළ Web OS, Tuczon OS සහ Google OS ස්මාර්ට් රූපවාහිනී තාක්ෂණයන් සමග V-Max තාක්ෂණය මුසුකොට අගල් 32, අගල් 43, අගල් 55 සහ අගල් 65 වශයෙන් විවිධ ප්‍රමාණවලින් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එමෙන්ම, ස්මාර්ට තාක්ෂණය භාවිතා නොකරන පාරිභෝගිඝයන් වෙනුවෙන්ම මෙම නවතම V-Max තාක්ෂණය අගල් 32 සහ අසල් 43 මාදිලි වශයෙන් ලබා ගැනිමේ පහසුවද සලසා ඇත.
රූපවාහිනී නිෂ්පාදනයන් යුග ගණනාවක් පසු කරමින් සංවර්ධනය වී ඇති පසුබිමක 2018 වසරේ සිට 2005 වසර දක්වා සුපැහැදිලි තාත්වික දර්ශන රූපවාහිනී තාක්ෂණය තුළින් නිෂ්පාදනය වුවද, රුපවාහිනී නරඹන්නන්ට ශබ්ද අත්දසීම සහ රසය පිළිබඳ ලෝ පුරාම බිහි වූ රූපවාහිනී නිෂ්පාදකයින් අවධානය යොමු නොකළ බවක් පෙනෙන්නට සිටිණි. එවන් යුගයක තම ශබ්ද රසයත් පිනවා ගැනීමට රූප වාහිනී ප්‍රේක්ෂකයාට තවත් ශබ්ද උපකරණ කට්ටලයක් හො උපසරණයක සහාය ලබන්නට සිදු විණි.
මෙම අපහසුව හඳුනාගත් Korika නිෂ්පාදන නිර්මාණකරුවන් විසින් විශාල ශබිද පරාසයක් සහිත අතිරේක Soundbar එකක් සමග V-Max රූප වාහිනී මාදිලි පෙළ ලොවට හඳුන්වා දෙන ලදී.
අද සිට ලාංකික ප්‍රේක්ෂකයන්ට ද ශ්‍රව්‍ය දෘශ්‍ය දෙආකාරයෙන්ම තම සතුට උපරිම ලෙස නිවස තුළදීම ඉතාම පහසුවෙන් ලබා ගන්නට හැකියාව ලැබෙන බව V-Max TV මාදිලි මඟින් සහතික වන අතර, උපකරණ රැසක් සමග එකට කටයුතු කරන විට රිමෝට් කොන්ට්‍රෝලර් ගණනාවක් පරිහරණය කිරිමේදී ඇති වන අපහසුතා වළක්වා ගැනීමේ හැකියාවද V- Max මගින් පාරිභෝගිකයාට ලබා රූපවාහිනියේ කටයුතු මෙන්ම අමතරව ලැබී ඇති Soundbar එකේ පරිපාලනයද ඉතා පහසුවෙන් කරගත හැකිය.
V-Max රිමෝට් කොන්ට්‍රෝලය මඟින් එක වර ප්‍රේක්ෂකයා සතුටෙන් ශබ්දය විඳින කල අවශ්‍ය නම් තම රිමෝට් කොන්ට්‍රෝලයෙන් TV Screen නිවා දමා TV එකේ අනවශ්‍ය ක්‍රියාකාරීත්වය සීමාකොට වැඩි වේලාවක් තමාට අවශ්‍ය සංගීතය හෝ ශබ්ද රසයන් Soundbar එකෙන් පමණක් එක Button එකක් ක්‍රියාත්මක කිරීමෙන් ලබාගැනීමේ පහසුවද ඇත. තවද, මෙම සුවිශේෂී තාක්ෂණය මඟින් සංගීත රසය විඳින ප්‍රේක්ෂකයාට තම රූපවාහිනීයේ Screen ආයු කාලයද වැඩිකර ගත හැකිය. මීට පෙර ශබ්ද උපකරණය හා රූපවාහිනිය අතර වියර් ජාලයකින් සම්බන්ධ කිරීමෙන් භාවිතා කරන්නට සිදුවිණි.
එහෙත් අද ඒ සියල්ල ඉවත් කර ඇති අතර, විදුලි උපකරණ කිහිපයකට විදුලිය ලබාදීමේදි සිදු වන ප්ලග් පොයින්ට් හෝ මල්ටි ප්ලග් එකක් භාවිත කිරීමේ ගැටලු සහගත තත්ත්වයන්ටද මෙම නව නිෂ්පාදනය මගින් ඉතා සාර්ථක සේ විසඳුම් ලබාදී ඇත. V- Max තාක්ෂණය සමගින් නව යුගයක් Konka නිෂ්පාදනය විසින් පාරිභෝගිකයාට ලබා දී ඇති අතර. තරඹන්නාගේ උපරිම ශබ්ද දෘෂ්‍ය රසයට Konka ආයතනය අද ලොව නොම්මර 1 නිර්මාණ කරුවා වන බවට ඔබද සහතික වනු ඇත.
පින්තූර නිර්මාණය සදහා HDR 10 තාත්ත්වික පින්තූර නිර්මාණ කරණ තාක්ෂණය භාවිත කරන අතර, බොහෝ මාදිලි සඳහා තාත්වික ශබ්දය නිර්මාණය කිරීමට Dolby Audio තාක්ෂණය භාවිත කිරීමට Konka V-Max නිර්මාණකරු අමතක කර නොමැත.
සෑම V- Max නිෂ්පාදනයකටමි වසර 4ක් දක්වා සේවා සහතිකයක් ලබාදෙන FLiCo ආයතනය TV පැනලය සඳහා වසර 2 ක් ද, අනෙකුත් කොටස් සඳහා වසර 3ක්ද, රිමෝට් කොක්ට්‍රෝලය සඳහා මාස 6ක වගකීම් කාලයක් ද ලබා දෙමින් ලාංකික රූපවාහිනී වෙළෙඳ පොළේ ප්‍රමුඛඛ්යා බවට සහතික වී ඇත. සැමවිටම ලංකාවට ගැළපෙනම Konka මාදිලියේ රූපවාහිනී FLiCo ආයතනය මගින් ලාංකික වෙළෙඳ පොළට හඳුන්වා දෙන අතර, සැම මාදිලියක්ම වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර දක්ෂ කිය ඉන්ජිනේරුවන්ගේ සහ Konka චීන ඉන්ජිනේරුවන්ගේ දැනුම් සංකලනයකින් එක්ව ගෙනෙන නිර්මාණයක් ලෙස Konka V-Max රූපවාහිනී මාදිලි පෙළ ලාංකික නිවසට ගැළපෙනම රූපවාහිනී මාදිලි පෙළ බවට FLiCo අපි සහතික වන්නෙමු.
වසර 45 ක් පුරා Konka ආයතනය තම රටට අවශ්‍ය නිෂ්පාදන නිර්මාණයෙන් ආරම්භ කළ කර්මාන්තශාලාවේ සිට ජාතික වෙළෙඳ සන්නාමයක් දක්වා ලොව පුරා රටවල් ගණනාවක වෙළෙඳ පොළ අතිභ්‍රමණය කරමින් ලොව පිළිගත් ප්‍රමුඛ විදුලි ගෘහ උපකරණ නිර්මාණයේ නව තාක්ෂණය ලොවට හදුන්වාදීමේත් ප්‍රමුඛයන් බවට පත්ව ඇත.
සුවිශේෂී ඉංජිනේරු තාක්ෂණයක් භාවිත කරන ඔවුන් නිෂ්පාදනයන්ට අවශ්‍ය කුඩා මෙවලමේ සිට දවැන්ත අධිතාක්ෂණික කොටස දක්වාම තම කර්මාන්තශාලාව තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව තුළ සැම වසරකම කාර්තුවෙන් කාර්තුවට නව නිෂ්පාදන වෙළෙඳ පොළට හදුන්වා දෙන්නා ලෙසද ලොව පුරා ඇත්තේ ඉහළම පිළිගැනීමකි.
ලංකාවේ සුවිශේෂී වෙළෙඳ පොළ සන්නාමයක් වන Future Life Holding සමූහ ව්‍යාපාරය, ව්‍යාපාර ගණනාවකින් සමන්විත දැවැන්ත ව්‍යාපාරික වෘක්ෂයක් ලෙස ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළේ අද කාගේත් ගෞරවයට පාත්‍රව ඇත. FLiCo ආයතනයේ මව් ආයතනය ලෙස කටයුතු කරන Future Life Holding ආයතනය තමන්ගේ වගකීම මූලික අරමුණ ලෙස සලකා කටයුතු කරමින් ලාංකික වෙළෙඳපොළට අත්‍ය වශ්‍යම, වඩා සුරක්ෂිත සහ කල් පවතින භාණ්ඩ සහ අලෙවියෙන් පසු සේවාවක්ද ලබාදීම තම මූලික අභිප්‍රාය ලෙස සලකන බව ද ඉතා පැහැදිලි කරුණකි. Future Life Holding ප්‍රවීණ අධ්‍යක්ෂ මණ්ඩලයේ දුරදක්නා නුවණ සහ සැලසුම් දිනෙන් දින ඔවුන් සතු සියලුම ආයතන වල ඉදිරි ගමනට මහත් රුකුලක් වී ඇති අතර, ඔවුන්ගේ වීර්යය සහ තීරණ ගැනීමේ සුවිශේෂී හැකියාව සියලුම Future Life Holding සේවක මුඩල්ලේ අනාගතය ද සුරක්ෂිත කරයි. සෑම සාමාජිකයෙකුටම අභියෝග ජය ගනිමින් ඉදිරියට යෑමට මෙම සමූහය සැම විටම අවස්ථා සලසා දෙයි.
සමූහයේ මානව සම්පත බලගන්වන අතරම, මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඕනෑම වෙළෙඳ පොළ තත්ත්වයක් යටතේ ක්‍රියා කිරීමට අවශ්‍ය උපායමාර්ගික දිශාවද Future Life Holding වෙතින් සැපයෙයි.
සියලු අනුබද්ධිත ආයතනවල සාමූහික ක්‍රියාකාරීත්වයන් ඔස්සේ මෙම සමූහය හා එක්වන ගනුදෙනු කරුවන් පිරිස වසරින් වසර ඉහළ යමින් පවතින අතර, ඒ සමඟම මෙම සමුහය විවිධ අංශ වලින් විශිෂ්ටත්වය හිමිකර ගනිමින් සිටියි. සිය හිතවත් පාරිභෝගික භවතුන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කරන මෙම සමුහය සිය පුළුල් අනුබද්ධිත ආයතන ජාලය ඔස්සේ පාරිභෝගික විශ්වාසය සහ සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමේ උපාය මාර්ග වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර, එහිදී FLiCo ජාලයේ කාර්යභාරය විශේෂයෙන් කැපීපෙනෙයි.
'ඔබේ ජිවිතය, ඔබේ රටාවට ' යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වන FLiCo අලෙවි ජාලය නව්‍ය තාක්ෂණය මඟින් ජන ජීවිතවලට සුවපහසුව සපිරි නව රසවින්දන අවස්ථා පිරිනමමින්, දිගු කල් පවතින වටිනාකමක් සහිත නිෂ්පාදන හඳුන්වා දෙයි.දැරිය හැකි තරම් පහසු, ආකර්ෂණීය මිල ගණන් යටතේ Konka වැනි ලොව සුපතළ වෙළඳ නාම සමඟ නව තාක්ෂණ අරුමයන් සැමට සමීප කිරීමට FLiCo කැප වී සිටියි. ඉලෙක් ට්‍රොනික ගෘහ විදුලි උපකරණ සඳහා වෘත්තීය මට්ටමේ සවිකිරීම් සේවාවන්, කාර්මික සහ ගෘහ උපකරණ සඳහා අසමසම අලෙවියෙන් පසු සේවාව සහ බහු - සන්නාම ගෘහස්ථ උපාංග සඳහා විශ්වාසදායක අලුත්වැඩියාවන් සමඟින් විශිෂ්ටත්වය වෙනුවෙන් වන සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගැනීමට FLiC අලෙවි ජාලය සැමවිටම කටයුතු කරයි. FLiCo හි අරමුණු සහ අභිමතාර්ථ අතරට ඉදිරි වසර 3 තුළ විදුලි හා ඉලෙක් ට්‍රොනික උපකරණ කර්මාන්තයේ ඉහළම වෙළෙඳපොළ ඉස්ට් 5 ක් හිමිකර ගැනීම. වෙළෙඳ නාම පැවැත්ම ශක්තිමත් කිරීම සහ 2027/28 දී විකුණුම් බිලියන 10 ක් සහ ඉදිරි වසර 3 තුළ බිලියන 20ක සමස්ත විකුණුම් ප්‍රමාණයක් අත්කර ගැනීම යනාදිය ඇතුළත් වේ.
ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමට සහ සම්භාවනාවට පාත්‍ර වූ සන්නාමයක් වන Konka, Future Lufe Holdings සහ FLiCo සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ විදුලි හා ඉලෙක් ට්‍රොනික උපකරණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් අරඹන මෙම ත්‍රිත්ව දැවැන්තයින්ගේ සවිමත් සුසංයෝගය උදා වන හෙට දිනයේදී නිසැක වශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ජිවිත සඳහා විප්ලවීය පෙරළියකට මඟ පාදනු ඇත.