brand logo
logo
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ හිතවාදීන් විරෝධතා ආරම්භ කරයි

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ හිතවාදීන් විරෝධතා ආරම්භ කරයි

11 November 2026


බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ හිතවාදීන් නැවත ඇය රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා රට පුරා විරෝධතා ආරම්භ කර තිබේ.


විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති අතර, ගෝපල්ගන්ජ් ප්‍රදේශයේදී විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන තිබේ. එහිදී පොලිස් රථයකට ද ගිනි තබා ඇත.


මෙම නොසන්සුන්තාව හේතුවෙන් මාර්ග අවහිරතා සහ වාහන ගිනි තැබීම් රැසක් වාර්තා වී ඇති අතර, ෆරීඩ්පූර් ප්‍රදේශයේදී බස් රථයකට ගිනි තැබීමෙන් 60 හැවිරිදි රියදුරෙකු මියගොස් තිබේ.


2024 අගෝස්තු මාසයේ පැවති ජනතා නැගිටීමෙන් බලයෙන් පහකෙරුණු හසීනා මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටින අතර, යළි බංග්ලාදේශයට පැමිණීමට අවශ්‍ය ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.


කෙසේ වෙතත්, බංග්ලාදේශ රජය ඇයට ගමන් බලපත්‍රයක් ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇති අතර, ඇය පිටුවහල් කරන ලෙස ද ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

එසේම, යුද අපරාධවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් බංග්ලාදේශ විශේෂ අධිකරණයක් විසින් හසීනාට ඇය නොමැතිව මරණ දඬුවම නියම කර ඇති අතර, ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.


බංග්ලාදේශයේ පවතින දේශපාලන නොසන්සුන්තාව හමුවේ ආරක්ෂාව තර කර ඇති බව ද වාර්තා වේ.


 

More News..