තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
09 July 2026
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
09 July 2026
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව එය අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා වලංගු වේ.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකිය.
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව එම ප්‍රදේශවල මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවේ.
මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් තමන් විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන සෙසු නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

