දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක්
11 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක්
11 September 2026
දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවය.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන 55 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට අදාළව ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

