brand logo
logo
ගිනිගත්හේන කලුගල මධ්‍ය මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

ගිනිගත්හේන කලුගල මධ්‍ය මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

18 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ගිනිගත්හේන කලුගල මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (18) සිසු අයිතියට පත් කර තිබේ.


එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නෙැමැතිවීම හේතුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් රුපියල් මිලියන 37.71 ක පිරිවැයකින් මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කර ඇත.


මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සහ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

More News..