brand logo
logo
 ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරු පිරිසක් සහ ජනපති ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරු පිරිසක් සහ ජනපති ලේකම් අතර හමුවක්

09 September 2026


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.


මෙහිදී කඳුරට හින්දු පූජකවරු මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


කඳුරට ප්‍රදේශවල හින්දු කෝවිල්වල පරිපාලන කටයුතු, දහම් පාසල් පවත්වාගෙන යාම, පූජකවරුන්ගේ අවශ්‍යතා මෙන්ම කෝවිල් ඉඩම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇත.


එමෙන්ම ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංවිධානය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ ඒ සඳහා රජයේ සහාය ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.


කඳුරට හින්දු පූජකවරුන් ජීවත් වන ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කරුණු දක්වා ඇත.


ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිවශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් හින්දු පූජක සංවිධානයේ ආගමික නායකයෝද මීට සහභාගී වී තිබුණි.

 

More News..