ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් බෑගයක් පැහැර ගනී
03 June 2026
ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් බෑගයක් පැහැර ගනී
03 June 2026
ATM යන්ත්‍ර සඳහා හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් මගින් රැගෙන යෑම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටි 3.5ක මුදලක් කිසිවෙකු විසින් කොල්ලකා ඇති බව හොරණ පොලිසිය පැවසීය.
අද (3) ප.ව. 2.55ට පමණ බැංකු සේවකයෙකු, බැංකුවේ පිටුපස දොරින් අත් දෙකට මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ මෙම මුදල් මලු දෙක බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබේ.
මුදල් පැහැරගත් පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

