brand logo
logo
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය

28 July 2026


දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.


ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.


නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ (27) දිනයේ ප්‍රකාශයට පත්කර ඇත.


ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර එමගින් නව සංශෝධන කිහිපයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.


අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබේ.


 

More News..