එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රුපියල් මිලියන 110ක නව යන්ත්‍රෝපකරණ
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රුපියල් මිලියන 110ක නව යන්ත්‍රෝපකරණ
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන එක් කර තිබේ.
ඒ අනුව, නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන නිල වශයෙන් භාවිතයට එක් කිරීම ඊයේ (27) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක වියදමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වියදමින් ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා එක් කර තිබේ.
එමෙන්ම, සමාගමේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් නව රියදුරන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.
මේ අතර, පසුගිය මාස 20ක කාලය තුළ එප්පාවල ලංකා පොස්පේට් සමාගම සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව එම සමාගම පවසයි.
එම කාලය තුළ රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීම, කලක් අක්‍රියව පැවති ට්‍රැක්ටර් යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම, නිල වෙබ් අඩවිය සහ Sales Hotline සේවාව යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර රැසක් ගෙන තිබේ.
පාරිභෝගික විශ්වාසය සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම, 2026–2030 නව උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම, APM තෙල් පොහොර වෙළෙඳපොළට හඳුන්වාදීම සහ ERP Sample අඩු මිලට ලබාදීම ද සිදුකර ඇත.
මීට අමතරව, Dealers Network ලියාපදිංචිය සහ සමාගමේ ලොරි රථ මගින්ම නිෂ්පාදන බෙදාහැරීම ආරම්භ කරමින් සමාගමේ සමස්ත මෙහෙයුම් ජාලය විධිමත් කිරීමටද පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලින් සමරකෝන් මහතා, එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා ඇතුළු සමාගමේ කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩලය එක්ව සිටියහ.

