අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
03 October 2026
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
03 October 2026
රුපියල් ලක්ෂ 225ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කිරිඳිවැල ප්‍රදේශයෙන් ගනේමුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇත.
ඒ සමඟ ඉලෙක්ට්‍රෝනික් තරාදි දෙකක්, ජංගම දුරකථන දෙකක් සමග නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දින කිහිපයකට පෙර ගනේමුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු අනුව එම නිවස පරීක්ෂා කර ඇති බව සඳහන්ය.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කිරිඳිවැල ප්‍රදේශයේ අදාළ නිවාස කුලී පදනම මත ලබාගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ජාවාරම්කරුවෙකු මගින් මෙම මත්ද්‍රව්‍ය ලැබෙන බවට සැකකරු විසින් පවසා තිබේ.
මේ පිලිබඳ ඉදිරි විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය කිරිඳිවැල පොලිසියට භාරදී ඇති බව සඳහන්ය.

