Best News Website award
brand logo
logo
ඩුබායි වෙත පලා ගොස් සැඟවී සිටි පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි

ඩුබායි වෙත පලා ගොස් සැඟවී සිටි පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි

26 November 2026

ගල්කිස්ස පොලීසියට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරී ටී-56 ගිනිඅවිය සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටි ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් ජයකොඩි නමැත්තා අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබේ.


ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

අදාළ සැකකරුව අද (26) අලුයම අලුයම 05.20ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.


මොහු අනුරාධපුරය, පේමඩුව හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතය.


 

More News..