brand logo
logo
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

22 September 2026


ප්‍රාථමික කර්මාන්ත හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3කට පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීමේ සිද්ධියකට අදාළව, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


අල්ලස් නිලධාරීන් විසින් සැකකරු ඊයේ (21) ප.ව. 4.55ට පමණ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


ලංකා පොස්පේට් සමාගම හරහා නියමිත ක්‍රමවේදයෙන් තොරව අදාළ සමාගම් තුනට පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු යොදා දී, ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් අලසස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.


අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

More News..