Best News Website award
brand logo
logo
බටහිර ඖෂධවලින් 40%ක් මෙරට නිෂ්පාදනය වෙයි

බටහිර ඖෂධවලින් 40%ක් මෙරට නිෂ්පාදනය වෙයි

23 November 2026 | ‍


සමස්ත බටහිර ඖෂධ සැපයුමෙන් 40%ක් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් සැපයීමට සමත්ව ඇතැයි බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතපත්තු ‘අරුණ’ට පැවැසීය.


මීට වසර හතරකට පමණ පෙර එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 20ක පමණ මට්ටමක තිබූ බව ද ඔහු සඳහන් කළේය.


පිටරටින් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයට වත්මන් රජයේ පූර්ණ සහාය ලැබෙන බවත් මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ දේශීය වශයෙන් නිපදවා ගැනීමෙන් රට තුළ ඖෂධ හිඟවීම වළක්වාගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.


වි​ශේෂයෙන්ම ඖෂධ ආනයනයේ දී විදෙස් රටවලට ඇදී යන ඩොලර් මෙරට තුළ රඳවා ගැනීමට හැකි බවත් ලබන වසරට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය හා සැපයුම සාමාන්‍ය පරිදි ලබාදීමට හැකි බවද ඔහු කියයි.


මේ වන විට දේශීය වශයෙන් නිපදවන ඖෂධ වර්ග 300ක් 400ක් පමණ මෙරට රෝහල් පද්ධතියට නිකුත් කරන බවත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් විසිපහක් පමණ මෙම ව්‍යාපාරයේ නිරතව සිටින බව ද දිනේෂ් අතපත්තු සඳහන් කළේය.


දැනට මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධවලින් සියයට 60ක් පමණ ආනයනය කරන බවද ඔහු කියා සිටියේය.

 

More News..