ප්‍රදේශ කිහිපයකට වැසි - සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්
16 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි - සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්
16 July 2026
අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50 පමණ තද සුළං ද ඇති විය හැකි බව දැනුම්දෙයි.

