roadBlockAd
brand logo
logo
විදුරුමස් රෝගවලට හේතුවන ප්‍රධාන සාධක සහ වැළැක්වීමේ ක්‍රම

විදුරුමස් රෝගවලට හේතුවන ප්‍රධාන සාධක සහ වැළැක්වීමේ ක්‍රම

06 August 2025

වර්තමානයේ අපේ දරුවන් හා වැඩිහිටියන් බොහොමයකට මුඛ රෝග බහුලව පවතින බව නොරහසකි. මුඛ සෞඛ්‍ය රැකවරණයට හානි සිදුකරන මුඛ රෝග අතුරින් ප්‍රධාන ලෙස පවතින මුඛ සෞඛ්‍ය ගැටලුවක් ලෙස විදුරුමස් රෝග පෙන්වා දිය හැකි වෙයි.


විදුරුමස් රෝගය ඇති වන්නේ කෙසේ ද ?


නිරෝගී මුඛයක දත් සහ විදුරුමස් ආශ්‍රිතව දත් මැලියම් ඇති වීම ස්වාභාවිකයි. දිනපතා මැලියම් නිසියාකාරයට ඉවත් නොකිරීම නිසා ඒවා අහිතකර බැක්ටීරියා ගහන රෝගකාරක මැලියම් බවට පත්වේ. එවිට එම බැක්ටීරියා මඟින් නිපදවන විෂ ද්‍රව්‍ය හේතුවෙන් විදුරුමස් ආසාදනය වී ආරම්භක රෝග ලක්ෂණ ලෙස රතු වීම, ඉදිමීම සහ ලේ ගැලීම ඇතිවෙයි. මේ අවස්ථාවේදී රෝග කාරක මැලියම් නිසියාකාරව ඉවත් කර ගැනීමෙන් විදුරුමස් රෝගය සම්පූර්ණයෙන් පාලනය කළ හැකිය. විදුරුමසේ රෝගවලට බලපාන වෙනත් හේතූන්ද තිබේ. විවිධ ශාරීරික රෝග තත්ත්වයන්, අධික මත්පැන් පානය සහ දුම්බීම ඉන් සමහරක් වේ.

නමුත් ආරම්භක රෝග ලක්ෂණ නොසලකා හරිමින් මෙම තත්ත්වය දිගින් දිගටම පවතින විට මෙම මැලියම් ඝන වී දන්ත අශ්මිය (ඝන වූ දත් මැලියම්) සෑදෙයි. ඒ මත රෝගකාරක බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩි වී විදුරුමස ක්‍රමයෙන් දියවී යෑමට ලක්වෙයි. මේ අවස්ථාවේදී දන්ත සායනයකට යොමු වී නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් මෙය දත දරා සිටින අස්ථිය කරාම පැතිර ගොස් අස්ථියට හානි වී පරිදන්ත ප්‍රදාහය නමැති  රෝග තත්ත්වය ඇති වෙයි. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් දතේ මුල බාහිරට නිරාවරණය වීම සිදුවේ. එවිට ක්‍රමයෙන් දත දරා සිටින අස්ථිය දිය වී දත සෙලවී වැටීම සිදුවෙයි. මෙලෙස අස්ථිය දියවීම නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකිය.


නිරෝගී විදුරුමස් පෙනෙන්නේ කෙසේද?


නිරෝගී විදුරුමස් රෝස පැහැයෙන් සහ තද ගතියෙන් දිස්වන අතර ඔබ දත් මදින විට වේදනාවක් හෝ ලේ ගැලීමක් සිදු නොවෙයි.

ඔබට විදුරුමස් රෝගයක් පවතින්නේදැයි හඳුනාගැනීමට මේ ලක්ෂණ තිබේදැයි බලන්න.

- රතු වූ ඉදිමුණු හෝ මෘදු විදුරුමස්

- දත් මදින විට ලේ ගැලීම 

- ආහාර ගැනීමේදී විදුරුමස් වේදනාව 

- දතේ මුල පිටතට නිරාවරණය වීම

- දත් සෙලවීම



විදුරුමස් රෝග ඔබේ ශාරීරික සෞඛ්‍යයට බලපාන ආකාරය


විදුරුමස් රෝග ශරීරයේ බෝ නොවන රෝග වන හෘද රෝග, අධි රුධිර පීඩනය, ආඝාතය, දියවැඩියාව වැනි රෝග අතර විශේෂ සම්බන්ධතාවක් ඇති බවත් එම තත්ත්වයන් උත්සන්න කිරීමෙහිලා විදුරුමස් රෝග බලපාන බවත් පරීක්ෂණ මඟින් පෙන්වා දී ඇත. එසේම ගර්භණී අවස්ථාවේදී සංකූලතා ඇති වීමට මෙන්ම නොමේරූ සහ අඩු බර උපත් ඇති වීම කෙරෙහි ද විදුරු මස් රෝග බලපෑමක් ඇති කරනු ලබයි.


අවුරුදු 35-44 අතර ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් 52%ටත් අවුරුදු 15 දරුවන්ගෙන් 46.5%කටත් විදුරුමස් රෝග පවතින බව 2015/2016 මුඛ සෞඛ්‍ය පිළිබඳ ජාතික සමීක්ෂණයෙන් හෙළිදරව් වී ඇත. එම නිසා  ඔබගේ සිනහව සහ ඔබගේ අනාගත ශාරීරික සෞඛ්‍ය යන දෙකම ආරක්ෂා කර ගැනීම සඳහා විදුරුමස් රෝග වළක්වා ගැනීමේ සුදුසු ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීම ඔබේ සෞඛ්‍යයට කෙතරම් වැදගත් වන්නේද යන්න ඔබට දැන් වැටහෙන්නේද?


විදුරුමස් රෝග පාලනය කළ හැක්කේ කෙසේද?


ප්‍රධාන වශයෙන් යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම සිදුකළ යුතුය. විදුරුමස් හා පරිදන්ත රෝගවලට හේතුවන අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමෙන් විදුරුමස් හා පරිදන්ත රෝග වළක්වා ගත හැකියි. එමඟින් මෙම රෝග නිසා ශරීරයට ඇති වන අහිතකර බලපෑම් පාලනය කර යහපත් ශාරීරික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වෙයි.


ඔබේ දත් සහ විදුරුමස් දිනකට දෙවරක් මෘදු කෙඳි සහ කුඩා හිසක් සහිත දත් බුරුසුවක් භාවිතයෙන් නිවැරදිව දත් මැදීමේ පිළිවෙත් අනුගමනය කරමින් පිරිසිදු කිරීම සහ ඒ සඳහා අහිතකර බැක්ටීරියා මර්දනය කරන සහ දත් මැලියම් බැඳීම අවම කරන දන්තාලේපයක් භාවිත කිරීම විදුරුමස් රෝග වළක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වෙයි. 


මුඛ රෝගවලට මූලිකම හේතුව වන අහිතකර බැක්ටීරියා මර්දනය කිරීම සඳහා ආයුර්වේදයේ භාවිත වන ප්‍රත්‍යක්ෂ ඖෂධ නවයක ශාකසාරයන්වල සුසංයෝගය (කරාබුනැටි, ඉඟුරු, අරළු, ගම්මිරිස්, ආඩතෝඩ, මාසක්කා, රත්කිහිරිය, කරඳ හා මූණමල්) නවීන විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය සමඟ සංකලනය කොට වසර ගණනාවක් සිදු කළ පර්යේෂණවල අති සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෝතට පිදෙන ලින්ක් සුදන්ත දන්තාලේපය වසර 25ක ඉතිහාසයකට උරුමකම් කියන්නකි. ලින්ක් සුදන්ත දන්තාලේපය ඔබේ මුඛ ආරක්ෂාවට කොපමණ රැකවරණයක් ලබා දෙන්නේද යන්න පිළිබඳව පේරාදෙණිය සහ ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාල මඟින් සිදු කරනු ලැබූ සායනික සහ විද්‍යාත්මක පරීක්ෂණ මඟින් තහවුරු කරදී අවසානය. ඒ අනුව සුදන්ත දන්තාලේපය දිනකට දෙවරක්, සති හතරක් අවම වශයෙන් භාවිත කිරීමෙන්

* දත් මැලියම් සෑදීම අවම කරන බවත් මුඛයේ ඇති අහිතකර බැක්ටීරියා මර්දනය කරන බවත්,

* විදුරුමසින් ලේ ගැලීම සහ විදුරුමස් ඉදිමීම සුව කරන බවත් සායනිකව තහවුරු කර ඇත. 


එසේම වොෂින්ටන් විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණ මඟින් විදුරුමස් රෝගවලදී විදුරුමස් ප්‍රදාහ තත්ත්වය ඇති කිරීම සඳහා අප ශරීරය මඟින් නිපදවන සංඝටක පාලනය කිරීම තුළින් විදුරුමස් ප්‍රදාහය සමනය කිරීමට සුදන්තවල ඇති සුවිශේෂි ඖෂධ සංයෝගයට විශේෂ හැකියාවක් පවතින බව තහවුරු කරදී ඇත. එබැවින් විදුරුමස් රෝගවලින් ආරක්ෂා වී පූර්ණ මුඛ රැකවරණයක් ලබා ගැනීමට ලින්ක් සුදන්ත දන්තාලේපය විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකි බව කිව හැකියි. 


අපේ කාලේ මිනිසුන් වෙනුවෙන් නිරෝගි බවේ සමීපතමයා වන ලින්ක් නැචුරල් ආයතනය මුඛ සෞඛ්‍ය ආරක්ෂාව ඔබෙන් ගිලිහී යන්නට නොදී, නිරෝගිමත් දිගු ජීවිතයක් උදෙසා ඔබේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් ඔවුන්ගේ සාඩම්බර නිෂ්පාදන පෙළේ කීර්තිමත් සන්නාමයක් ලෙස ලින්ක් සුදන්ත දන්තාලේපය හඳුන්වා දීමේත් මුඛ සෞඛ්‍ය රැක ගැනීමේ වැදගත්කම අවබෝධ කර දීමේත් වගකීමට මෙසේ දායක වූ බව ඔබට සිහිපත් කර සිටිමු. 

 

More News..