brand logo
logo
හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු

07 May 2026

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.;


ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය.


රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කරගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණද, එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්, මෙලෙස යළිත් වරක් මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන තිබුණි.

 


 

More News..