brand logo
logo
 කළුතර වෙඩි තැබීමක්

කළුතර වෙඩි තැබීමක්

14 February 2026


කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.


අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.


වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.


පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

 

More News..