පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමට දින දෙයි
17 June 2025
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමට දින දෙයි
17 June 2025
හිටපු අමාත්‍යවරයකු වන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජූලි මස 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වග උත්තරකාර පාර්ශවයට සති දෙකක කාලයක් ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් එතැන් පටන් සතියක් තුළ ගොනුකන ලෙසත් පෙත්සම්කර පාර්ශවයට නියෝග කර තිබේ.