අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි
11 July 2026
මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ‘අධිකරණ සේවා සංගමයේ‘ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
අද (11) අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් කැඳවා ඇති එම සංගමයේ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුවී ඇති බව ද සඳහන්
.
මේ වන විට සාකච්ඡාවට බදුන් වී ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ගේ අදහස් විමසීම සදහා එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් එහි විධායක කමිටුව විසින් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ දී පැවැත්වීමට ගෙන ඇති තීරණය මීට හේතු වී ඇති බව වාර්තා වේ.
සිය ඉල්ලා අස්වීම හා ඊට හේතු වූ කරුණු සඳහන් කරමින් අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා විසින් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින් වෙත යොමුකළ බව කියන ලිපියක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
මේ අතර අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් යොමු කළ බව කියන ලිපියක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
අද දිනයේ සැලසුම් කළ පරිදි සිය සංගමයේ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වෙන බව ද ලේකම්වරයා එම ලිපියෙන් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින් වෙත දැනුම් දී තිබුණි.
ඒ අනුව අධිකරණ සේවා සංගමය විසින් කැඳවූ මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

