බස් රථයක් මතට ගලක් වැටීමෙන් මගියෙකු ජීවිතක්ෂයට
28 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
බස් රථයක් මතට ගලක් වැටීමෙන් මගියෙකු ජීවිතක්ෂයට
28 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කදු මුදුනේ සිට පෙරලී ආ ගලක් වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන විට මිය ගොස් ඇති බව පොල්පිටිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
අද (28) පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොල අසලදීය.
බස් රථයට ගල පෙරලී බිමට පතිත වීමත් සමග අසුනක වාඩි වී සිටි මගියා බරපතල තුවාල ලැබීමෙන් පසු පොල්පිටිය කළුගල පොලිස් නිළධාරින් සහ බස් රථයේ මගීන් එක්ව තුවාලකරු රෝහල කරා රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.
හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර,පොල්පිටිය ප්‍රදේශයට ඊයේ (27) ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගල පෙරලී පහළට බස් රථයට පෙරලෙන්නට ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසිය කියා සිටියේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බව හදුනාගෙන ඇත.


