INS SHARDA නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
13 June 2026
INS SHARDA නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
13 June 2026
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම අද (13) කොළඹ වරායේදී සිදු කෙරිණි.
ඒ අනුව, ‘INS SHARDA’ නෞකාවේ අණදෙන නිලධාරී, බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවන් විධාන මූලස්ථානයේදී සහ දියත් විධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
‘INS SHARDA’ නෞකාව මෙරට රැඳිසිටි කාලසීමාව තුළදී නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් අතර සුහද අත්පන්දු තරගයක් පැවැත්වූ බව සඳහන්ය.
යෝගා වැඩසටහනක් සඳහාද දෙරටේ නාවික හමුදා සාමාජිකයින් සහභාගි වූ බව නාවික හමුදාව නිවේදනය කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමි විය.
එමෙන් නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කරන ලදී.
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‘INS SHARDA’ නෞකාව ජුනි 10 වෙනිදා මෙරටට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

