ඉරාන පාපන්දු කණ්ඩායම ඇමරිකාවේ තරග වැදිය යුතුයි- FIFA සභාපති
17 April 2026
ඉරාන පාපන්දු කණ්ඩායම ඇමරිකාවේ තරග වැදිය යුතුයි- FIFA සභාපති
17 April 2026
ඉරාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වනු ඇතැයි, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විශ්වාසය පළ කරයි.
ඒ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ, ඉරානයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී විය නොහැකි බවට, එරට ක්‍රීඩා අමාත්‍යවරයා පවසන පසුබිමකදී යි.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, තමන් සභාගී වන තරග ඇමරිකාවෙන් පිටතදී පවත්වන ලෙසට ඉරානය ඉල්ලීමක්ද කර තිබේ.
කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපතිවරයා පවසන්නේ ඉරාන පාපන්දු කණ්ඩායමේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම ආයතනය සහතික වන බවයි.

