brand logo
logo
ජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

ජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

01 October 2026

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිති.


ඉන්දීය ජනතා පක්ෂයේ (BJP) ආරාධනයක් මත සිදුවූ මෙම සංචාරයේ අරමුණ වන්නේ දෙරටේ දේශපාලන පක්ෂ අතර සබඳතා සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම බව සඳහන් වේ.


මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මුණගැසී ඇති අතර, එහිදී දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.


ඉන්දියාවේ "අසල්වැසියාට මුල්තැන" (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ "මහාසාගර්" (MAHASAGAR) දැක්ම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බව විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.


මීට අමතරව, ජවිපෙ නියෝජිත පිරිස ඉන්දීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ දිල්ලි රජයේ ප්‍රධානීන් හමුවී මහජන කේන්ද්‍රීය පාලනය, රාජ්‍ය සේවා සහ සංවර්ධන අත්දැකීම් හුවමාරු කරගෙන තිබේ.

 

More News..