Best News Website award
brand logo
logo
වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා වරද පිළිගනී

වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා වරද පිළිගනී

26 November 2026


වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අදාළ නඩුව අද (26) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා විත්තිකාරිය මෙම චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.


ඒ අනුව නඩු කටයුත්ත සුළු වේලාවකට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබේ.

 

More News..