නඩු 25,000ටම නිලධාරින් 135යි නීති ආධාරදීම කොමිසමට අභියෝගයක්
21 September 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
නඩු 25,000ටම නිලධාරින් 135යි නීති ආධාරදීම කොමිසමට අභියෝගයක්
21 September 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
නඩු 25,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කටයුතු කරන නීති ආධාර කොමිෂන් සභාවේ මධ්‍යස්ථාන 88 සඳහා සිටින්නේ, නිලධාරීන් 135 දෙනකු පමණක් බව අනාවරණය වේ.
අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා ඇත්තේ වාහන තුනක් පමණක් වන අතර අදාළ වාහන තුන ඇත්තේද ප්‍රධාන කාර්යාලයට ස්ථානාගතව පමණි.
මේ හේතුවෙන් කොමිෂන් සභාවේ ශාඛා කාර්යාලවලට වාහන පහසුකම් නොමැති අතර එහි නිලධාරීන්ට නඩු කටයුතුවලට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම, බන්ධනාගාරවලට යාමට ආදිය සඳහා සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නට සිදුවී තිබේ.
අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා ඇත්තේ වාහන තුනක් පමණක් වන අතර අදාළ වාහන තුන ඇත්තේද ප්‍රධාන කාර්යාලයට ස්ථානාගතව පමණි. මේ හේතුවෙන් කොමිෂන් සභාවේ ශාඛා කාර්යාලවලට වාහන පහසුකම් නොමැති අතර එහි නිලධාරීන්ට නඩු කටයුතුවලට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම, බන්ධනාගාරවලට යාමට ආදිය සඳහා සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නට සිදුවී තිබේ.
එහි සභාපති ජනාධිපති නීතිඥ විවේකානන්ද පුවිතරන් පවසන්නේ, විශේෂයෙන්ම නඩු ලිපිගොනු සහ අනෙකුත් අදාළ ලේඛන රැගෙන නිලධාරීන් දෙදෙනකුට එකවර යාමට සිදුවන අවස්ථාවලදී ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වී ඇති බවයි.
නීතිය ඉදිරියේ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් නීතිඥ සහාය ලබාගැනීමට ආර්ථික හැකියාවක් නොමැති ජනතාවට නොමිලේ නීති ආධාර ලබාදීම වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව කටයුතු කරයි.
එවැනි පසුබිමක විශාල නඩු සංඛ්‍යාවක් සමග සීමිත මානව හා භෞතික සම්පත් යටතේ කටයුතු කිරීමට සිදුවීම නීති ආධාර සේවාවන් පුළුල් කිරීමේදී අභියෝගයක් වී ඇති බව අදාළ තොරතුරුවලින් පෙනී යයි.
2024 විගණන වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ ඉකුත් 2024දී පමණක් නීති ආධාර කොමිෂන් සභාව වෙත නඩු 12362ක් ගොනු කර ඇති බවයි. එම වාර්තාවේ සඳහන් ආකාරයට 2024 වසර ආරම්භයේදී නඩු 39000 ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වෙමින් පැවැති අතර ඒ වසරේදී ඉන් 23709ක් අවසන් කර ඇත. ඒ අනුව මේ වන විට නඩු ගොනු 25000ට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව කටයුතු කරමින් සිටියි.
නීති ආධාර සේවාවන් වඩාත් ක්‍රමානුකූලව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජාතික නීති ආධාර ප්‍රතිපත්තිය ද තවමත් සම්පූර්ණ කර නොමැති බවත් එම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත.
2016 වසරේදී එම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබුණද, 2024 වසර අවසන් වන විටත් එය සම්පූර්ණ කර නොතිබූ බව විගණනයේදී පෙන්වා දී තිබේ.
බහු පාර්ශ්වකරුවන් සම්බන්ධ වීම හේතුවෙන් ප්‍රතිපත්තිය සකස් කිරීමේ ක්‍රියාවලිය සාකච්ඡා මට්ටමින් අඛණ්ඩව සිදුවන බව කොමිෂන් සභාව සඳහන් කර ඇති අතර, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව විගණකාධිපතිවරයා විසින් ද අවධාරණය කර තිබේ.
මේ අතර එහි සභාපති විවේකානන්දන් පුවිතරන් පෙන්වා දෙන්නේ, කොමිෂන් සභාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

