brand logoaward badge
ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා

ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා

17 March 2023

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ.


මෙම සාකච්ඡාව එදින පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.


මැතිවරණ කොමිසම ඊයේ (16) රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්‍ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට නියමිතය.  

 

More News..