brand logo
logo
අගලවත්ත කපුගම දේවාලයේ දේවාභරණ සොරාගෙන

අගලවත්ත කපුගම දේවාලයේ දේවාභරණ සොරාගෙන

01 October 2026 | ලක්ඛ්ත විද්‍යසේකර-කළුතර


අගලවත්ත,කපුගම පදිංචි විශ්‍රාමික ගුරුවරියක වූ 63 හැවරිදි කාන්තාවක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ .


තම ස්වාමි පුරුෂයාගේ පරපුරට මෙම දේවාලයේ භාරකාරිත්වයෙන් අඩක අයිතිය ඇති බවත්,ස්වාමි පුරුෂයා 2019 වසරේ මිය ගිය අතර තමා 2023 වසරේ විශ්‍රාම ගිය බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .


මෙහි බුදු මැදුරක් , පත්තිනි දේවාලයක්, සර්ව දේව මන්දිරයක් ඇති බවත්,පත්තිනි දේවාලයට ඇතුළුවීම සඳහා ප්‍රධාන දොරටු තුනක් ඇති බවත් ඊට ඉදිරියෙන් දැල් ආවරණයක් ඇති අතර ඊට ඉබි යතුරු දමා ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්වේ .


දෙවාලයේ කපු මහතා සෑම සෙනසුරාදා දිනකම බාර හාර කරන අයගේ කටයුතු සඳහා පැමිණෙන අතර දේවාලයේ දොර විවෘත කර ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (30) වනදා උදේ ගොස් බලන විට පිරුවටවලින් ඔතා තිබූ ලී හෙප්පුවේවූ පා සළඹ ඇතුළු රන් හා රිදී පැහැති දේවාභරණ 22 ක් කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබූ බව සඳහන් කර ඇති ඇය ඒවා සොයා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත 

 

More News..