brand logo
logo
ජනපතිගේ නත්තල් දින පණිවුඩය

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

25 December 2024

නත්තල යනු වාද භේද දුරලා මනුෂත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


නත්තල් දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සලකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බවය.


වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය සහ ජාතික පුනරුදය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයාගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ


 

More News..