ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්
10 January 2025
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්
10 January 2025
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරයාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල ව තිබේ.
අද රාත්‍රී 7.30ට පමණ මෙම ප්‍රහාරය එල්ව ඇතැයි පොලීසිය පවසයි.
පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ධනංය ද සිල්වා සහ සාවිත්‍ර සිල්වා යන අයගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි රංජන් ද සිල්වාව 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.