සෞදියේ රියාද් සහ දම්මාම් වෙත පියාසර කරන ශ්රීලන්කන් ගුවන්ගමන් ඔක්තෝබර් 24 දක්වා නවතී
16 October 2026
සෞදියේ රියාද් සහ දම්මාම් වෙත පියාසර කරන ශ්රීලන්කන් ගුවන්ගමන් ඔක්තෝබර් 24 දක්වා නවතී
16 October 2026
සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කළේ, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්රමුඛතම කාර්යය වන බවය.
වාණිජ ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට සුදුසු තත්ත්වයක් පවතින බව තහවුරු කරගැනීමෙන් පසු ගුවන් සේවා යළි ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 දුරකථන අංකයත්, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයත් ඇමතීමෙන් හෝ WhatsApp ඔස්සේ +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකිය.

