කළු ගඟේ ජල මට්ටම ඉහළට - පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්
12 October 2026
කළු ගඟේ ජල මට්ටම ඉහළට - පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්
12 October 2026
කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවැල්ලාව ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (12) උදෑසන වන විට මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 ඉක්මවා ගොස් ඇති බවය.
ඒ අනුව, කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

