පුත්තලම නගරාධිපති සමඟ ඇති වූ ගැටුමකට තරුණයෙකු අත්අඩංගුවට
28 November 2026
පුත්තලම නගරාධිපති සමඟ ඇති වූ ගැටුමකට තරුණයෙකු අත්අඩංගුවට
28 November 2026
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපතිවරයා සමඟ ඇති කරගත් ගැටුමක් සම්බන්ධයෙන් තරුණයෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ආරවුල සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
එහිදී නගරාධිපතිවරයා විසින් අදාළ තරුණයාට පහර දී ඇති අතර, අනතුරුව එම තරුණයා විසින් නගරාධිපතිවරයාගේ කැබ් රථයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නගරාධිපතිවරයාගේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පලතුරු වෙළෙඳාමේ නිරත මෙම තරුණයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
අදාළ තරුණයා පවත්වාගෙන ගිය තාවකාලික වෙළෙඳ කුටිය නගර සභාව විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවත්, පසුව එම ස්ථානයේ නැවත වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් හටගත් මතභේදයක් මෙම ගැටුමට මුල් වී ඇති බවත් සඳහන් වේ.


