brand logo
logo
රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

16 August 2026


ප්‍රදේශ දෙකක සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.


පොලිසිය පැවසුවේ ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවය.


අනතුරින් යතුරුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පාපැදිකරු මියගොස් ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


මේ අතර මාදම්පේ, තඹගල්ල ප්‍රදේශයේදී ද ලොරි රථයක් හා යතුර පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි විරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය පැවසීය.


එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු මියගොස් ඇති අතර ඔහු 19 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.


දියේ ගිලී අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි. 


 

More News..