බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර
23 February 2025
බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර
23 February 2025
වසර ගණනාවක් පුරා නිසි ප්‍රයෝජනයට නොගත් අක්කර 177කින් සමන්විත බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල ප්‍රකාශ කරයි.
ඒ බොරලන්ද රජයේ සත්ව ගොවිපලේ කෘෂි හා සංචාරක වැඩසටහන් රැසක් ආරම්භ කිරීමේ අරමුණින් එහි සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්.
ඔහු කියා සිටියේ කොරියානු රජයේ අනුග්‍රයහය යටතේ ක්‍රියාත්මක වන 'සේමාවුල් බීජ අර්තාපල් නිෂ්පාදන වැඩ සටහන' මේ වන විටත් මෙම ගොවිපල යළි ආරම්භ කිරිමට කටයුතු කර ඇති බවයි.
එම ව්‍යපෘතියෙන් වසරකදී අර්තාපල් මෙට්‍රික් ටොන් 4.5ක් බැගින් වසර 5ක කාලයක් බීජ අර්තාපල් නිෂ්පාදනය කර දිවයින පුරා ගොවීන් වෙත බෙදාහැරීමට සැළසුම් කර තිබේ.

