අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ තරුණයෙකු අත්අඩංගුවට
29 August 2026
අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ තරුණයෙකු අත්අඩංගුවට
29 August 2026
කුරුඳුවත්ත නිදහස් චතුරස්‍රය අසළ මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (29) පස්වරුවේ මෝටර් රථ හතරක් අදාළ මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කර ඇති අතර පොලිසිය වැටලීමක් සිදු කර මොවුන් අත්අඩංගුවට ගැනීමට උත්සහ දැරීමේදී මෝටර් රථ තුනක් පළා ගොස් ඇති බව සඳහන්වේ.
කෙසේ වෙතත් මෝටර් රථයක් කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
මෙලෙස පොලිස් භාරයට ගත් මෝටර් රථය ධාවනය කර ඇත්තේ, වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බව සඳහන් වෙයි.
ඒ අනුව සැකකරු මත්ද්‍රව්‍ය පාලනය කර ඇද්ද යන්න සෙවීම සඳහා ඔහු අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මෝටර් රථය අධි ධාරිතාවෙන් යුත් වාහනයක් ද යන්න සොයාබැලීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

