brand logo
logo
මහර බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

මහර බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

02 August 2026

මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් අද(02) පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකල බව මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින්ද අද දිනයේ මහර බන්ධනාගාරයට ගොස් එහි තත්ත්වය පිළිබදව සොයා බලා තිබේ.

එහි විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම මහතා සඳහන් කළේ අදාළ සිදුවීම සැළසුම් සහඟතව සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවයි.

"කෝටි ගාණක හානියක් වෙලා තියෙනවා.ඉන්න සුදුසු තත්ත්වයක් මේ වෙනකොට නෑ. මොකද ඒ සියලුම දේ විනාශ කරලා නැත්තටම නැති කරලා තියෙන්නේ. අපිට මේක දැනගන්න ඕනා රැඳවියන්ගේ වුවමනාවකට සිදු වෙච්ච දෙයක්ද එහෙම නැත්තන් වෙන කාගේ හරි වුවමණාවකට ද මේක සිදු වුණේ කියලා. මේ සිදුවීම කාමරයක් ඇතුළේ ඉන්න කිහිප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙ‍ෙවයි. අපි තරයේ විශ්වාස කරනවා මේන කාගේ හරි සැළසුමකට සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒ තරම් ලොකු විනාශයක්


 

More News..