අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයට එක්වෙයි
28 July 2026
අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයට එක්වෙයි
28 July 2026
පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත ශ්‍රී ලාංකේය ආයෝජනයන්හි ප්‍රගතිය පිළිබඳ විශේෂ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය විජිත හේරත් මහතා එක්ව තිබේ.
පිලිපීනයේ Tagoloan හි Phividec කාර්මික අධිකාරියේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී, Tagoloan හි නගරාධිපතිනිය හමුවීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමිව ඇත.
එහිදී ඇය විසින් අමාත්‍යවරයා ඇතුළ දූත පිරිසට සිය විශේෂ ස්තූතිය සහ ප්‍රසාදය පළකර තිබේ.
ශ්‍රී ලාංකේය ප්‍රධාන ආයෝජනයක් ලෙස Sta Ana හි අලුතින් ඉදිවන 'Haycarb' කර්මාන්තශාලාව මඟින් Tagoloan ප්‍රදේශයේ ජනතාවට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් හිමිවන බවත්, එය ප්‍රදේශයේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවත් නගරාධිපතිනිය මෙහිදී සඳහන් කර ඇත.
එමෙන්ම Tagoloan ජනතාවගේ සුබසාධනය උදෙසා අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව PHIVIDEC ආයතනයටද ඇයගේ ප්‍රසාදය හිමිවිය.
මෙම හමුව සඳහා නියෝජ්‍ය නගරාධිපති Rolando Seno, සභාපති Ely Naz Factura, MENRO ප්‍රධානී ඉංජිනේරු Jeffrey Elogsong සහ MEEDO ප්‍රධානී Maristel Emano යන මහත්ම මහත්මීන් එක්වූ අතර, අනතුරුව Haycarb කර්මාන්තශාලා ඉදිකිරීම් භූමිය සහ Jaindi Philippine Corporation සඳහා වෙන්කර ඇති ඉඩම නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්‍ර සංචාරයකටද එක්ව ඇත.
ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළේ සමාගම් වන 'හේකාබ් PLC' (Haycarb PLC) සහ 'ජායින්දි එක්ස්පෝර්ට්ස්' (Jaindi Exports) යන සමාගම් විසින් PHIVIDEC කාර්මික භූමිය තුළ ආයෝජනයන් සිදුකර ඇත.
එය නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පිලිපීනය තුළ පවතින ආයෝජන හිතකාමී පරිසරය සහ අවස්ථා කෙරෙහි ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින වර්ධනය වන විශ්වාසය මනාව පිළිඹිබු වන බව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා මෙන්ම ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා ද තවදුරටත් පුළුල් කරගැනීමට දෙපාර්ශ්වයම කැපව සිටින බව ද සඳහන්වේ.

