ඇල්බේනියාවේ නිදහස් දිනයේදී ආණ්ඩු විරෝධී සිසු උද්ඝෝෂණයක්
29 November 2026
ඇල්බේනියාවේ නිදහස් දිනයේදී ආණ්ඩු විරෝධී සිසු උද්ඝෝෂණයක්
29 November 2026
ඇල්බේනියාවේ නිදහස් දිනයට සමගාමීව සිසුන් විසින් සංවිධානය කරන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එරට ටිරානා අගනුවරට එක්රැස් වූ උද්ඝෝෂකයින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ගල්මුල් සහ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තත්ත්වය පාලනය කර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇත.
ඇල්බේනියානු අග්‍රාමාත්‍ය එඩි රාමාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිසුන්ගේ මූලිකත්වයෙන් සති කිහිපයක සිට එරට විරෝධතා ක්‍රියාත්මක වන අතර, එම පසුබිම තුළ මෙවර නිදහස් දිනයේදීද සිසුන් වීදි බැස උද්ඝෝෂණයේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


