ව්‍යවසායකයන් නංවන්න ජාතික ණය සුරැකුම් ආයතනය අද සිට වැඩ
02 June 2025
ව්‍යවසායකයන් නංවන්න ජාතික ණය සුරැකුම් ආයතනය අද සිට වැඩ
02 June 2025
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය නිල වශයෙන් අද (02 වැනිදා) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.
මෙම ආයතනයේ මැදිහත් වීමෙන් ඇප රහිත ණය ලබා ගැනීමේ පහසුකම් ව්‍යවසායකයන්ට හිමි වේ. ණය සුරැකුම් ආයතනය සමග බැංකු සහ මූල්‍ය ආයතන 13ක් සම්බන්ධ වෙයි. ව්‍යවසායකයන්ට මෙම බැංකු හා මූල්‍ය ආයතනවලින් බැංකු ණයක් ඉල්ලුම් කළ හැකි වන අතර, එලෙස ඉල්ලා සිටින ණයෙන් සියයට හැට හතක් (67%)ක් දක්වා ණය ඇපකරයක් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය වෙත ඉල්ලුම් කළ හැකිය.
ඒ අනුව රුපියල් පන් ලක්ෂයේ සිට මිලියන විසි පහක් දක්වා ණය ලබා ගැනීමේ හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
රජය හා මූල්‍ය ආයතන එක්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්නතිය උදෙසා මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙහි සමාරම්භක උළෙල මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී ගුටීරස් ඇතුළු පිරිසක් ඊට සහභාගී වෙති.
www.ncgil.lk යන වෙබ් අඩවියෙන් හෝ 0705777805 යන දුරකථන අංකයෙන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය විස්තර ලබා ගත හැකිය.

