ශ්රී ලංකාව සහ තුර්කිය අතර ගුවන් සේවා සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්
28 October 2026
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ගුවන් සේවා සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්
28 October 2026
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සිවිල් ගුවන් සේවා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර පවතින ගුවන් ප්රවාහන ගිවිසුම සංශෝධනය කිරීමේ ලේඛනයට අත්සන් තබා තිබේ.
ඒ අනුව, අදාළ ගිවිසුමට ඊයේ (27) තුර්කියේ අන්කාරා නුවරදී ශ්රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුණ හේමචන්ද්ර මහතා සහ තුර්කියේ ප්රවාහන හා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය එන්වර් ඉස්කර්ට් මහතා අත්සන් තැබූහ.
මෙම ගිවිසුම හරහා දෙරට අතර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති අතර, එමඟින් සංචාරක කර්මාන්තය, වෙළෙඳාම, ආයෝජන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කර ගැනීමට ද නව අවස්ථා උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරට අතර පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා රජයන් දෙකම දක්වන කැපවීම මෙම පියවරෙන් පිළිබිඹු වන බව ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තුර්කි රජය දක්වන සහයෝගය සහ කැපවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය සිය ප්රසාදය ද පළ කර ඇත.

