brand logo
logo
රජයේ විශ්‍රාමිකයන්ගේ  අතුරු දීමනාවේ චක්‍රලේඛය නිකුත් වෙයි

රජයේ විශ්‍රාමිකයන්ගේ අතුරු දීමනාවේ චක්‍රලේඛය නිකුත් වෙයි

17 August 2024

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ .


එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි.


එමෙන්ම මෙම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාමික වැටුප් දෙපාර්තමේන්තුව වෙත ද යොමුකර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


ඒ අනුව රුපියල් 3000ක මුදලක් එහිදී ලබා දීමට රජය අපේක්ෂා කර තිබේ .  

 

More News..