නීති විරෝධී විදේශීය මත්පැන් සමඟ පුද්ගලයෙක් සහ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට
29 October 2026 | සිසිල ගුණතිලක - ගනේමුල්ල
නීති විරෝධී විදේශීය මත්පැන් සමඟ පුද්ගලයෙක් සහ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට
29 October 2026 | සිසිල ගුණතිලක - ගනේමුල්ල
සීදුව පොලිස් වසමේ කටුනායක, දුම්රියපොළ පාරේ පිහිටි නිවසක් වටලා තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 156ක් සමග පුද්ගලයෙකු සහ මෝටර් රථ දෙකක් පසුගිය (27) වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් ලද රහසිගත තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
ලීටරයක ධාරිතාවයෙන් යුත් විවිධ වර්ගවලට අයත් විදේශීය මත්පැන් බෝතල් 156ක් හා මත්පැන් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථ දෙකක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 42ක් වයසැති සීදුව ප්රදේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය මගින් සීදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

