brand logo
logo
නාවික හමුදා යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නාවිකයාගේ බවට සැක සිරුරක් හමුවෙයි

නාවික හමුදා යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නාවිකයාගේ බවට සැක සිරුරක් හමුවෙයි

04 September 2026

අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන සිරුර සොයාගෙන ති‌බේ.


නාවික හමුදාව සඳහන් කළේ, අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් යාත්‍රාවෙන් සොයාගත් බවය.


පසුගිය අගෝස්තු මස 15 වන දින මෙම වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය. එම අවස්ථාවේදී එහි සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරා ගැණින. 


ඉන් අනතුරුදන්ව සිටි නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව නිවේදනය කළේය. 

 

More News..